රුසියාවේ පැසිෆික් වෙරළට බලපෑ ප්‍රබල භූ කම්පනවලින් පසු සුනාමි අනතුර පහව යයි

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (PTWC) පවසා ඇත්තේ, රුසියාවේ කම්චට්කා අර්ධද්වීපයට (Kamchatka Peninsula) ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ 7.4ක අගයක් ගත් ප්‍රබල භූ කම්පනයක් ඇතුළුව භූ කම්පන තුනක් සිදු වීමෙන් පසු, සුනාමි තරංගවලින් තවදුරටත් අනතුරක් නොමැති බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව, ඉරිදා (ජූලි 20) රුසියාවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් භූ කම්පන වාර්තා වීමෙන් පසු මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණි. රික්ටර් මාපකයේ 6.7 සහ 5 යන අගයන් ගත් අනෙකුත් භූ කම්පන ඇතුළුව, භූ කම්පන මාලාවක කේන්ද්‍රස්ථාන පිහිටා තිබුණේ, රුසියාවේ කම්චට්කා කලාපයේ අගනුවර වන පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චට්ස්කි (Petropavlovsk-Kamchatsky) නගරයට කිලෝමීටර් 140ක් (සැතපුම් 87ක්) පමණ නැගෙනහිර දෙසින් වන අතර, එහි ජනගහනය 160,000කට අධිකය.

USGS ට අනුව, මෙම භූ කම්පන පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චට්ස්කි වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයට මිනිත්තු 32ක් ඇතුළත බලපා තිබුණි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top