රුසියාවේ (Russia) ඈත පෙරදිග පිහිටි කම්චට්කා (Kamchatka) අර්ධද්වීපයට ඔබ්බෙන් අද (ජූලි 30) බදාදා රික්ටර් මාපක 8.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් රුසියාවේ කම්චට්කා හි ඇතැම් ප්‍රදේශවල මීටර් 3-4 (අඩි 10-13) පමණ උසකින් යුත් සුනාමියක් වාර්තා වී තිබෙනවා.
සෙන්ටිමීටර 30 (අඟල් 12) ක පළමු සුනාමි රළ ජපානයේ (Japan) උතුරු හොකයිඩෝ (Hokkaido) නගරයට බලපා ඇති අතර, පසුව ඇතිවන රළ ඊට වඩා විශාල විය හැකි බව බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
එක්සත් ජනපද (US) බලධාරීන් ඇලස්කාවට (Alaska) සහ හවායි (Hawaii) වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එක්සත් ජනපදයට අයත් දූපත් ප්‍රදේශයක් වන ගුවාම් (Guam) සහ මයික්‍රොනීසියාවේ (Micronesia) අනෙකුත් දූපත් සඳහාද සුනාමි නිරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



