තෙල් මත යැපීමෙන් ඔබ්බට රාජ්‍ය ආදායම් මාර්ග පුළුල් කිරීමේ උත්සාහයක් ලෙස, ආදායම් බද්දක් පැනවීමට ඕමානය සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ. ඒ අනුව, ආදායම් බද්දක් පනවන පළමු ගල්ෆ් රාජ්‍යය බවට ඕමානය පත් වනු ඇතැයි වාර්තා වේ.
යෝජිත 5% ක මෙම බද්ද වාර්ෂිකව රියාල් 42,000 ($109,000) හෝ ඊට වැඩි ආදායම් ලබන්නන්ට පමණක් අදාළ වන අතර, එය 2028 සිට ක්‍රියාත්මක වීමට නියමිතවේ. රාජ්‍ය පාලනය යටතේ පවතින ඕමාන ප්රවෘත්ති ඒජන්සිය (Omani News Agency) සහ ආර්ථික අමාත්‍යාංශය අනුව, මෙම බද්ද රටේ ඉහළම ආදායම් ලබන්නන්ගෙන් 1% කට පමණක් බලපානු ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු Bloomberg ඇසුරෙනි.



