2022න් පසු ප්‍රථම වතාවට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරමින්, ජපානය “ට්විටර් ඝාතකයා” ලෙස කුප්‍රකට වූ තකහිරෝ ෂිරායිෂි (Takahiro Shiraishi) එල්ලා මරා දමා තිබේ. ෂිරායිෂි, 2017 වසරේදී සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ සම්බන්ධ කරගත් කාන්තාවන් අට දෙනෙකු සහ එක් පිරිමියෙකු ඇතුළු නව දෙනෙකු ඝාතනය කර, ඔවුන්ගේ සිරුරු කැබලිවලට කපා දමා තිබුණි.
අපරාධ සිදු කරන අවස්ථාවේ 30 හැවිරිදි වියේ පසුවූ ෂිරායිෂිගේ ගොදුරු වූවන් වයස අවුරුදු 15 ත් 26 ත් අතර පසුවූ සියදිවි නසාගැනීමේ අදහස් පිළිබඳව අන්තර්ජාලයේ පළ කර තිබුණි. ෂිරායිෂි ඔවුන්ට තම සැලසුම් සඳහා උදව් කිරීමට හෝ ඔවුන් සමඟ මිය යාමට පවා හැකි බවට පොරොන්දු වී ඇත. කාන්තා ගොදුරු වූවන් ලිංගිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ද ඔහු වැරදිකරු විය. ෂිරායිෂිට 2020 දී මරණ දණ්ඩනය නියම විය.
මෙම ඝාතන ආලෝකයට පැමිණියේ 2017 ඔක්තෝබර් මාසයේදී, පොලිසිය එක් ගොදුරක් සොයමින් සිටියදී ටෝකියෝ අසල සාමා (Zama) නගරයේ ෂිරායිෂිගේ මහල් නිවාසයෙන් සිරුරු කොටස් සොයා ගැනීමත් සමඟය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



