එක්සත් ජාතීන්ගේ ප්ලාස්ටික් ගිවිසුම් සාකච්ඡා අවසන් දිනයේදීත් එකඟතාවයකින් තොරව අවසන් වෙයි

ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය ගිවිසුමක් (global treaty) ඇති කර ගැනීමට පැවති සාකච්ඡා, රටවල් ගණනක් නවතම කෙටුම්පත් පාඨය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, අවසන් දිනය වන විටත් එකඟතාවයකින් තොරව අවසන් විය.

ජිනීවාහි (Geneva) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (United Nations) රැස් වූ රටවල් 184 අතර ගිවිසුමක් ඇති කර ගැනීමට කාලය අවසන් වෙමින් තිබියදී, සාකච්ඡාවල සභාපති ලුයිස් වායස් වල්දිවීසෝ (Luis Vayas Valdivieso) පොදු එකඟතාවයක් සොයා ගැනීමේ උත්සාහයක් ලෙස, අඩු එකඟතාවයන් ඇති ක්ෂේත්‍ර මත පදනම්ව කෙටුම්පත් පාඨයක් ඉදිරිපත් කළේය. කෙසේ වෙතත්, එම කෙටුම්පත සියලු දෙනාම පාහේ කෝපයට පත් කිරීමට සමත් වූ අතර, එකින් එක රටවල් එයට විරෝධය පල කර ඇත.

නිෂ්පාදනය සීමා කිරීම සහ විෂ සහිත ද්‍රව්‍ය (toxic ingredients) ඉවත් කිරීම වැනි නිර්භීත ක්‍රියාමාර්ගවලින් තොර, එය හිස් ලියවිල්ලක් බව උනන්දු වූ රටවල් පෙන්වා දී ඇත.

ප්ලාස්ටික් දූෂණයට එරෙහිව නීත්‍යානුකූලව බැඳෙන උපකරණයක් (legally binding instrument) සඳහා වූ මෙම සාකච්ඡා අගෝස්තු 5 වන දින ආරම්භ වූ අතර, ඒවා බ්‍රහස්පතින්දා (අගෝස්තු 14) දින අවසන් කිරීමට නියමිතව තිබුණි. මෙය, පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ගිවිසුමක් ඇති කර ගැනීමට අසමත් වූ සාකච්ඡා වට පහකට පසුව සිදු කළ නවතම උත්සාහයයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top