ලෝකයේ ප්‍රථම වරට, ඕස්ට්‍රේලියාවේ නිවර්තන වැසි වනාන්තර (tropical rainforests) කාබන් අවශෝෂණය කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වායුගෝලයට මුදා හැරීමට පටන් ගෙන ඇති බවත්, එය දේශගුණික විපර්යාස හා සම්බන්ධ ප්‍රවණතාවක් බවත් අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.
සාමාන්‍යයෙන් වැසි වනාන්තර සලකනු ලබන්නේ “කාබන් සින්ක්” (Carbon Sinks) ලෙසයි. මන්දයත්, නව ගස් වැඩීම මගින් මිය ගිය ගස් වලින් නිකුත් වන කාබන් ප්‍රමාණයට වඩා වැඩි විමෝචනයක් අවශෝෂණය කරන බැවිනි.
ක්වීන්ස්ලන්ත (Queensland) වනාන්තර දත්ත ඇසුරින් සිදු කරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ, අධික උෂ්ණත්වය හේතුවෙන් ගස් වර්ධනයට වඩා ගස් මරණ වැඩි වී ඇති බවයි. “Nature” විද්‍යා ජර්නලයේ පළ වූ මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ ආචාර්ය හැන්නා කාල් (Dr Hannah Carle) පවසා ඇත්තේ මෙම සොයාගැනීම් ගෝලීය විමෝචන අඩු කිරීමේ ඉලක්ක සඳහා සැලකිය යුතු ඇඟවුම් ඇති බවයි.
වාර්තාවට අනුව, නව ගස් අඩුවීමත් සමඟ, මිය ගිය ගස්වල කඳන් සහ අතු, වුඩි ජෛව ස්කන්ධය (woody biomass) ලෙස හැඳින්වේ. වසර 25 කට පමණ පෙර සිට කාබන් අවශෝෂකයන්ට වඩා කාබන් විමෝචක බවට පත් වී ඇත. මෑත දශකවලදී ගස් මිය යාම වැඩිවීමට හේතුව, වඩාත් අධික උෂ්ණත්වය, වායුගෝලීය වියළි බව සහ නියඟය වැනි දේශගුණික විපර්යාස බව ආචාර්ය කාල් වැඩිදුරටත් පවසා ඇත.
ක්වීන්ස්ලන්තයේ වනාන්තර 20 කින් වසර 49 ක දත්ත මත පදනම් වූ මෙම වාර්තාවෙන් හෙළි වී ඇත්තේ සුළි කුණාටු සංඛ්‍යාව ඉහළ යාම සහ ඒවායේ දැඩි බව වැඩිවීම ද ගස් වැඩි වැඩියෙන් විනාශ කරන අතර නව ගස් වර්ධනයට අපහසු වන බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



