කඩා වැටුණු එයාර් ඉන්දියා යානයේ එක් එන්ජිමක් අලුත්ම එකක්!

පසුගිය සතියේ කඩා වැටුණු එයාර් ඉන්දියා (Air India) යානයේ එන්ජින් දෙකෙන් එකක් අලුතින් සවි කර තිබූ බවත්, අනෙක් එන්ජිම දෙසැම්බර් මාසය වන තුරු සේවා සපයා නොතිබූ බවත් එම ගුවන් සේවයේ සභාපතිවරයා පවසා තිබේ.

ඉන්දීය “ටයිම්ස් නව්” (Times Now) නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එන්. චන්ද්‍රසේකරන් මහතා කියා සිටියේ, දකුණු පස එන්ජිම 2025 මාර්තු මාසයේදී සවි කරන ලද අලුත් එන්ජිමක් සහ වම් පස එන්ජිම අවසන් වරට සේවා සපයා ඇත්තේ 2023 දී වන අතර, එහි මීළඟ නඩත්තු පරීක්ෂාව 2025 දෙසැම්බරයේදී සිදු කිරීමට නියමිතව තිබූ බවයි.

පසුගිය ජූනි 12 වනදා බටහිර ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී මිනිත්තුවකටත් අඩු කාලයකින් AI171 දරණ, ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබූ බොයිං 787-8 ඩ්‍රීම්ලයිනර් (Boeing 787-8 Dreamliner) යානය කඩා වැටුණ අතර මෙම ගුවන් යානයේ කළු පෙට්ටි” (black boxes) මේ වනවිට සොයාගෙන ඇති අතර, පරීක්ෂකයින් දැන් සුන්බුන් පරීක්ෂා කරමින්, වාර්තාගත ගුවන් දත්ත සහ නියමු කුටියේ හඬ පට විකේතනය කරමින් සිටී.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top