කාගෝ (Cargo) ගුවන් යානයක් හොංකොං ධාවන පථයෙන් මුහුදට: බිම් සේවකයන් දෙදෙනෙකු මරුට!

කාගෝ ගුවන් යානයක් හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයෙන් ඉවතට පැන මුහුදට පතිත වීමෙන් බිම් සේවකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් (Emirates) ගුවන් සේවයට අයත් EK9788 දරන මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඩුබායි සිට පැමිණෙමින් තිබියදී ධාවන පථයෙන් ඉවතට තල්ලු වී ගොස් ගුවන් තොටුපළේ මුර සංචාරක රථයක ගැටී ඇත.

මුර සංචාරක රථයේ සිටි මගීන් දෙදෙනා ජීවිතක්ෂයට වී ඇත අතර, ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා දිවි ගලවා ගෙන ඇත. මෙම අනතුර හොංකොං හි වසර ගණනාවකට පසු සිදු වූ දරුණුතම ගුවන් සේවා සිදුවීම්වලින් එකක් ලෙස සලකනු ලබයි. මියගිය බිම් සේවකයින් දෙදෙනා වයස අවුරුදු 30 සහ 41 වියේ පසුවූ අතර, ඔවුන්ට පිළිවෙලින් අවුරුදු 7 ක සහ 12 ක සේවා පළපුරුද්දක් තිබූ බව නිලධාරීන් පවසා ඇත.

ගොඩබෑමේදී ගුවන් යානය ගමන් කළ මාර්ගය සම්බන්ධයෙන් තවමත් ප්‍රශ්න පවතින බැවින් බලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. ගුවන් තොටුපළ නිලධාරීන් පවසා ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන යානයට නිවැරදි උපදෙස් ලබා දුන් බවත්, ධාවන පථයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා සංඥා ඇති බවත්ය.

Boeing 747-481 භාණ්ඩ ප්‍රවාහන යානය තුර්කි ගුවන් සේවය වන Act Airlines වෙතින් wet lease පදනම මත ලබාගෙන ධාවනය කර ඇත. අනතුරෙන් පසු යානයට හානි සිදු වූ අතර එහි භාණ්ඩ කිසිවක් නොතිබූ බව එමිරේට්ස් ප්‍රකාශකයෙක් පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top