ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැලිෆෝනියාවේ දීර්ඝ කාලයක් ප්‍රමාද වූ අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ ෆෙඩරල් අරමුදල් ඩොලර් බිලියන 4ක් අවලංගු කර තිබේ. ඔහු මෙය බදු ගෙවන්නන්ගේ මුදල් නාස්තියක් ලෙස හඳුන්වා ඇත. ලොස් ඇන්ජලීස් (Los Angeles) සහ සැන් ෆ්රැන්සිස්කෝ (San Francisco) අතර ඉදිකිරීමට නියමිත මෙම දුම්රිය මාර්ගය “අධික මිලක්” ගන්නා සහ වසර ගණනාවක වැඩ කිරීමෙන් පසුව ද “කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන ව්‍යාපෘතියක්” ලෙස ඔහු විවේචනය කළේය.
මෙම දුම්රිය ව්‍යාපෘතිය මුලින්ම 2008 දී ඡන්දදායකයින් විසින් අනුමත කරන ලද අතර, ඩොලර් බිලියන 33ක වියදමකින් 2020 වන විට අවසන් කිරීමට නියමිතව තිබුණි. එහෙත්, එයට ප්‍රධාන ප්‍රමාදයන් සහ අයවැය ඉක්මවා යාම්වලට මුහුණ දීමට සිදු වූ අතර, දැනට පිරිවැය ඩොලර් බිලියන 89ත් 128ත් අතර ප්‍රමාණයකට ඇස්තමේන්තු කර ඇත.
ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව නීති විරෝධී ලෙස හඳුන්වමින්, අරමුදල් කප්පාදුවට එරෙහිව සටන් කරන බවට කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් (Gavin Newsom) දැඩි ප්‍රතිචාරයක් දැක්වීය. ඔහු ට්‍රම්ප්ට “මධ්‍යම නිම්නය අත්හැර දැමීමට” සහ නවීන දුම්රිය පද්ධතිවල ප්‍රමුඛත්වය චීනයට ලබා දීමට උත්සාහ කරන බවට චෝදනා කළේය.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



