කෙන්ට්හි ආදිපාදවරිය 92 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කර ඇත. දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ ඥාති සොහොයුරෙකු වන කෙන්ට්හි ආදිපාදවරයා වන එඩ්වඩ් කුමරු සමඟ විවාහ වූ කැතරින් ආදිපාදවරිය, රාජකීය පවුලේ වැඩිමහල් සාමාජිකාව විය. ඇය විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේදී කුසලාන ප්‍රදානය කළ අතර, පරාජය වූ ක්‍රීඩිකාවන්ට සැනසීම ලබා දුන් හුරුපුරුදු චරිතයක් ලෙස ඇය සැමරෙනු ඇත. විශේෂයෙන්ම, 1993 දී කඳුළු සලමින් සිටි ජනා නෝවොට්නාට ඇය ලබා දුන් සැනසිල්ල ප්‍රසිද්ධියට පත් විය.
ආදිපාදවරිය සංගීතයට මහත් ඇල්මක් දැක්වූවාය. ඇය සංගීත පුණ්‍යායතන සඳහා සහය දැක්වූ අතර, හල් ප්‍රාථමික පාසලක සංගීතය ඉගැන්වූවාය. එහි සිසුන් ඇයගේ රාජකීය අනන්‍යතාවය ගැන දැන සිටියේ නැති අතර, එහිදී ඇය “මිසිස් කෙන්ට්” ලෙස හැඳින්විණි.
බකිංහැම් මාලිගය ඇතුළු රාජකීය නිල නිවාසවල ධජ අඩකුඹු කර ඇත. ආදිපාදවරියගේ අවමංගල්‍යය දක්වා රාජකීය ශෝක කාලයක් පවතිනු ඇත. එහිදී රාජකීය පවුලේ සාමාජිකයන් අඳුරු ඇඳුම් අඳිනු ඇති අතර, රාජකාරියේ නිරත භටයන් කළු පැහැති අත්පටි පළඳිනු ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



