ගාසා තීරයේ සටන් යළි ඇවිලෙයි: නෙතන්යාහුගේ නියෝගයෙන් ප්‍රහාර!

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යුද හමුදාවට වහාම ප්‍රහාර එල්ල කරන ලෙස නියෝග කිරීමෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. හමාස් සංවිධානයට අනුබද්ධ ගාසා සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසා ඇත්තේ මෙම ප්‍රහාරවලින් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සටන් විරාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හමාස් වෙත චෝදනා කරන අතර, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ හමාස් සංවිධානය ගාසා තීරයේ සිටි ඊශ්‍රායල සොල්දාදුවන්ට පහර දුන් බවයි. හමාස් සංවිධානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඊශ්‍රායලය සටන් විරාමය කඩකරන බවට චෝදනා කරයි.

ඊශ්‍රායලය විසින් තවත් මියගිය ප්‍රාණ ඇපකරුවෙකුගේ දේහය භාර දීම කල් දමන බවට හමාස් පවසන අතර, ඊශ්‍රායලය විසින් දේහයන් සෙවීමේ ප්‍රයත්නයන්ට බාධා කරන බවට චෝදනා කරයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top