ගාසා ප්‍රහාරය විවේචනය කරන එක්සත් ජාතීන්ගේ විශේෂඥ ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් හට ඇමරිකානු සම්බාධක

ට්‍රම්ප් පරිපාලනය (Trump administration) ඊශ්‍රායලයේ ගාසා මිලිටරි ප්‍රහාරයේ ප්‍රබල විවේචකාවක් වන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකාරිනිය වන ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් (Francesca Albanese) හට සම්බාධක පනවමින් සිටින බව වාර්තා වේ.

එක්සත් ජනපදය විසින් දැනටමත් සම්බාධක පනවා ඇති ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) විනිසුරුවන් කිහිප දෙනෙකුට ඇය දැක්වූ සහයෝගය මෙම පියවරට සම්බන්ධ බව රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ (Marco Rubio) ප්‍රකාශ කළා. රූබියෝ පැවසුවේ, ඇමරිකානු හෝ ඊශ්‍රායල ජාතිකයින්ට නඩු පැවරීමේ උත්සාහයන් සඳහා ICC සමඟ සෘජුවම සම්බන්ධ වීම හේතුවෙන් ඇල්බනීස් හට ඇමරිකාව සම්බාධක පනවන බවත්, ඇය එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියක් ලෙස සේවය කිරීමට නුසුදුසු බවට චෝදනා කළ බවත්ය.

මෙම සම්බාධක ඇල්බනීස් හට ඇමරිකාවට යාම වළක්වන අතර, ඇයට රට තුළ ඇති ඕනෑම වත්කමක් අවහිර කරනු ඇත. X හි පළ කරන ලද සටහනක, ඇල්බනීස් සම්බාධක පිළිබඳව සෘජුව සඳහන් නොකළ නමුත්, “මම සැමවිටම කළාක් මෙන්, යුක්තියේ පැත්තේ ස්ථිරව හා ඒත්තු ගන්වන ලෙස සිටිමි” යනුවෙන් සඳහන් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top