බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් අගනුවර වන ඩකා (Dhaka) හි පාසල් පරිශ්රයකට කඩා වැදීමෙන් අවම වශයෙන් 19 දෙනෙකු මියගොස් ඇති අතර, 164 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ගුවන් හමුදාව පවසා ඇත්තේ පුහුණු අභ්‍යාසයක් සඳහා ගුවන් ගත වීමෙන් පසු F-7 වර්ගයේ ජෙට් යානය යාන්ත්‍රික දෝෂයකට ලක් වීමෙන් ගුවන් යානය, උත්තරා (Uttara) හි උතුරු උපනගරයේ පිහිටි Milestone School and College හි දෙමහල් ගොඩනැගිල්ලක ගැටී විශාල ගින්නක් සහ ඝන දුමක් සමඟින් කඩා වැටුණු බවයි.
යාන්ත්‍රික දෝෂය ඇතිවීමෙන් පසු, නියමු ෆ්ලයිට් ලුතිනන් මොහොමඩ් තවුකීර් ඉස්ලාම් (Flight Lieutenant Md. Taukir Islam) ජෙට් යානය අඩු ජනාකීර්ණ ප්‍රදේශයකට හැරවීමට උත්සාහ කර ඇති බව සන්නද්ධ හමුදා නිවේදනයේ සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



