චීනය 2026 සිට දරු ප්‍රසූතියේ සියලුම පෞද්ගලික වියදම් රජයෙන් දැරීමට තීරණය කරයි

චීනයේ උපත් අනුපාතිකය පහත වැටීම පාලනය කිරීම සඳහා එරට රජය විසින් තීරණාත්මක පියවරක් ගෙන තිබේ. අනුව, 2026 වසරේ සිට දරු ප්‍රසූතියට අදාළ සියලුම පෞද්ගලික වෛද්‍ය වියදම් (out-of-pocket expenses) රජය විසින් පියවනු ඇත.

දරු ප්‍රසූතියට අදාළ වෛද්‍ය වියදම් මෙන්ම පූර්ව ප්‍රසව පරීක්ෂණ (prenatal checkups) සඳහා වැයවන මුදල් ජාතික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය යටතේ සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ. තරුණ යුවළයන් දරුවන් බිහි කිරීමට දිරිමත් කිරීම සහ දරු ප්‍රසූතිය සඳහා වන මූල්‍ය බර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම මෙහි අරමුණයි. දැනටමත් ජිලින් (Jilin), ජියැංසු (Jiangsu) සහ ෂැන්ඩොං (Shandong) වැනි පළාත් කිහිපයක මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන අතර, 2026 වන විට එය මුළු රටම ආවරණය වන පරිදි ව්‍යාප්ත කෙරේ.

චීනය මෙවැනි දැඩි තීරණයක් ගැනීමට හේතු කිහිපයක් බලපා ඇත. දශක කිහිපයකට පසු 2022 වසරේ සිට චීනයේ ජනගහනය අඛණ්ඩව පහත වැටෙමින් පවතී. උපත් අනුපාතිකය අඩුවීම නිසා අනාගතයේදී රටේ ශ්‍රම බලකාය අඩුවීම සහ මහලු ජනගහනය ඉහළ යාම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරයි. 1980 සිට 2015 දක්වා පැවතිඑක් දරු ප්‍රතිපත්තියසහ සීඝ්‍ර නාගරීකරණය නිසා උපත් අනුපාතිකය දශක ගණනාවක් තිස්සේ පහත වැටුණි.

බීජිං පාලනය පෙන්වා දෙන පරිදි තරුණ පිරිස් දරුවන් ලැබීමට පසුබට වීමට ප්‍රධාන හේතු වන්නේ, දරුවන් රැකබලා ගැනීමේ සහ අධ්‍යාපනය ලබාදීමේ අධික පිරිවැය, රැකියා පිළිබඳ පවතින අවිනිශ්චිතතාව සහ මන්දගාමී ආර්ථික වර්ධනය යි.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Scroll to Top