චොකලට් වෙළඳපොළ කඩාවැටෙයි; බටහිර අප්‍රිකානු කොකෝවා ගොවීහු දැඩි අර්බුදයක

ලෝක වෙළඳපොළේ චොකලට් මිල ඉහළ ගියද, එහි මූලික අමුද්‍රව්‍ය සපයන බටහිර අප්‍රිකානු කොකෝවා ගොවීන් මේ වන විට දැඩි අසරණභාවයට පත්ව සිටිති. මාස ගණනාවක් තිස්සේ සිය අස්වැන්න සඳහා ගෙවීම් නොලැබීම හේතුවෙන් බොහෝ ගොවීන්ට සිය මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි වී තිබේ.

2024 වසරේදී කොකෝවා මිල වාර්තාගත ලෙස ඉහළ ගියද, මේ වන විට එම මිල ගණන් දරුණු ලෙස පහත වැටී ඇත. ඝානාව සහ අයිවරි කෝස්ට් වැනි රටවල රජය විසින් මිල ගණන් වසරකට පෙර තීරණය කරනු ලබයි. කෙසේ වෙතත්, වත්මන් ලෝක වෙළඳපොළ මිලට වඩා 40% ක පමණ වැඩි මිලක් රජය විසින් නියම කර තිබීම නිසා ජාත්‍යන්තර වෙළඳුන් කොකෝවා මිලදී ගැනීමට මැලි කමක් දක්වයි.

මෙම අර්බුදයට හේතු ලෙස ලොව පුරා කොකෝවා අස්වැන්න ඉහළ යාම, මීට පෙර පැවති අධික මිල නිසා පාරිභෝගිකයන් චොකලට් මිලදී ගැනීම සීමා කිරීම සහ චොකලට් නිෂ්පාදකයින් කොකෝවා භාවිතය අවම කර වෙනත් අමුද්‍රව්‍ය ආදේශ කිරීම වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top