ජර්මනියේ දේශීය මැතිවරණයට පෙර අන්ත දක්ෂිණාංශික AfD අපේක්ෂකයින් කිහිප දෙනෙකු මියයයි

ජර්මනියේ බටහිර ප්‍රාන්තයක් වන නෝර්ත් රයින්වෙස්ට්ෆේලියා හි පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර, අන්ත දක්ෂිණාංශික AfD පක්ෂයේ අපේක්ෂකයින් හය දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.

මෙම මරණවලට අදාළව නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව පොලිසිය පැහැදිලි කර ඇතත්, මේ නිසා නව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදුව ඇති අතර, තැපැල් ඡන්ද භාවිතා කළ සමහර ඡන්දදායකයින්ට නැවත ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවනු ඇත.

නෝර්ත් රයින්වෙස්ට්ෆේලියා ප්‍රාන්තයේ ජනගහනය මිලියන 18ක් වන අතර, එහි සැප්තැම්බර් 14 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 20,000ක් ඉදිරිපත් වීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙම මරණ සංඛ්‍යාව සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ. නමුත් ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ, ග්‍රීන්ස් සහ සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂ ඇතුළු අනෙකුත් පක්ෂවල අපේක්ෂකයින් මිය ගොස් ඇති බවයි.

AfD පක්ෂය පෙබරවාරි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණයේදී ජර්මනියේ දෙවන විශාලතම පක්ෂය බවට පත් විය. දේශීය ඔත්තු බැලීමේ ඒජන්සිය මැයි මාසයේදී මෙම පක්ෂය දක්ෂිණාංශික අන්තවාදී සංවිධානයක් ලෙස වර්ගීකරණය කළ අතර, නමුත් අධිකරණයේ අභියාචනයක් පවතින නිසා එම විස්තරය තාවකාලිකව අත්හිටුවන ලදී. නැගෙනහිර ප්‍රාන්ත තුනක එහි AfD සංවිධාන තවමත් අන්තවාදී ලෙස ලැයිස්තුගත කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top