ඩොලර් මිලියන 25ක් වටිනා අතිශය දුර්ලභ රෝස දියමන්තියක් (pink diamond) සොරකම් කිරීමට උත්සාහ කළ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය (Dubai Police) සමත් වී තිබෙනවා.
“ඔපරේෂන් පිංක් ඩයමන්ඩ්” (Operation Pink Diamond) නම් මෙම මෙහෙයුම, වසරකට වැඩි කාලයක් මෙම අපරාධය සැලසුම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව පොලිසිය පවසයි. ප්‍රමුඛ පෙළේ මැණික් විද්‍යා ආයතනයක් විසින් සහතික කරන ලද මෙම දියමන්තිය අතිශය දුර්ලභ ගණයේ එකක් වන අතර, මෙවැනිම තවත් දියමන්තියක් සොයා ගැනීමට ඇත්තේ 0.01%ක අවස්ථාවක් පමණි.
පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, සැකකරුවන් දියමන්ති හිමිකරු වන ස්වර්ණාභරණ වෙළෙන්දෙකු හඳුනාගෙන, ධනවත් ගැනුම්කරුවෙකු එයට කැමති බව පවසා ඔහුව මුලා කළ බවයි. විශ්වසනීයත්වය දිනා ගැනීම සඳහා, ඔවුන් සුඛෝපභෝගී මෝටර් රථ කුලියට ගෙන, සුපිරි හෝටල්වල රැස්වීම් වෙන් කර ඇති අතර, එම මැණික් පරීක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධ දියමන්ති විශේෂඥයෙකු ද කුලියට ගෙන තිබෙනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා විශ්වාසය තැබූ වෙළෙන්දා, අවසානයේදී තම ආරක්ෂිත සාප්පුවෙන් දියමන්තිය පිටතට ගැනීමට එකඟ වී ඇත.
සොරකම පිළිබඳ වාර්තාව ලැබී මිනිත්තු කිහිපයක් ඇතුළත, ඩුබායි පොලිසිය විශේෂිත කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. උසස් ලුහුබැඳීමේ තාක්ෂණය භාවිතා කරමින්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකරුවන් තිදෙනා හඳුනාගෙන ඔවුන් සිටින ස්ථානය සොයා ගෙන තිබෙනවා. සැකකරුවන් සිටින ස්ථාන කිහිපයකට එකවර වැටලීම් සිදු කර ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. දියමන්තිය ආසියානු රටකට යැවීමට සූදානම් කර තිබූ ශීතකරණයක් තුළ සඟවා තිබී සොයා ගෙන තිබෙනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු Gulf News ඇසුරෙනි.



