දරු උපත් අනුපාතය ඉහළ නැංවීමට චීනය එක් දරුවෙකුට ඩොලර් 500ක් ලබා දෙයි

දරුවන්ගේ උපත් අනුපාතය ඉහළ නැංවීමේ අරමුණින්, චීන රජය වයස අවුරුදු තුනට අඩු එක් දරුවෙකු සඳහා වසරකට යුවාන් 3,600ක් (ඇමරිකානු ඩොලර් 500ක්, යුරෝ 429ක්) ලබා දීමට තීරණය කර ඇති බව බෙයිජිංහි (Beijing) රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

චීනයේ ජනගහනය අඛණ්ඩව වසර තුනක් පුරා පහත වැටී ඇති අතර, ඉන්දියාවෙන් (India) පසු ලෝකයේ දෙවන වැඩිම ජනගහනයක් සහිත රට වන චීනය, නැගී එන ජන විකාශන අර්බුදයකට මුහුණ දී සිටිනවා.

2024 වසරේ උපත් සංඛ්‍යාව මිලියන 9.54ක් වූ අතර, එය වසර තුනකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ එක්-දරුවකුට සීමා කිරීමේ ප්‍රතිපත්තිය අවසන් වූ 2016 වසරේ උපත් සංඛ්‍යාවෙන් අඩකි. චීනයේ විවාහ අනුපාතද වාර්තාගත අවම මට්ටමකට පැමිණ තිබෙනවා. දරුවන් ඇති දැඩි කිරීමේ අධික පිරිවැය සහ වෘත්තීය ගැටලු හේතුවෙන් තරුණ යුවළයන් දරුවන් ලැබීම කල් දමන බව ප්‍රකාශ වේ.

මාර්තු මාසයේදී, උතුරු චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවේ (Inner Mongolia) අගනුවර වන හොහොට් (Hohhot), වැඩි දරුවන් සිටින පවුල්වලට මුදල් ලබා දීම ආරම්භ කළා. දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි දරුවන් සිටින යුවළයන්ට එක් අලුත් දරුවෙකු සඳහා යුවාන් 100,000ක් දක්වා ලබා ගත හැකි විය. ඊසානදිග ලියාඕනින් (Liaoning) පළාතේ ෂෙන්යැං (Shenyang) හි, දේශීය බලධාරීන් තෙවැනි දරුවෙකු සිටින පවුල්වලට දරුවාට වයස අවුරුදු තුන වන තුරු මසකට යුවාන් 500ක් ලබා දෙයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු Newswire ඇසුරෙනි.

Scroll to Top