ඉරානය (Iran) වෙත එක්සත් ජාතීන්ගේ (UN) සම්බාධක නැවත පැනවීම බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇති බව, ඉරානය විසින් යුරෝපයේ ප්‍රධාන බලවතුන් තිදෙනාට අනතුරු අඟවා තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බඝායි (Esmaeil Baghaei) පවසා ඇත්තේ, ආර්ථික සම්බාධක “ස්නැප්බැක් යාන්ත්‍රණයක්” (snapback mechanism) වළක්වා ගැනීම සඳහා ඉරානයේ න්‍යෂ්ටික පරීක්ෂණ අලුත් කිරීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡා කරද්දී, ටෙහෙරානය විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කළ බවයි.
ජිනීවාහි පැවති හමුවකදී ඉරානය යුරෝපීයන්ට පවසා ඇත්තේ, එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට අයිතියක් නොමැති බවයි. කෙසේ වෙතත්, ඉදිරි දිනවලදී දෙපාර්ශ්වය න්‍යෂ්ටික සාකච්ඡා දිගටම කරගෙන යන බව ඔහු සඳහන් කර ඇත.
ඉරානය සහ ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ජර්මනිය (E3 ලෙස හැඳින්වෙන) අතර සාකච්ඡා පැවැත්වෙන්නේ, ටෙහෙරානය සහ ප්‍රධාන බලවතුන් අතර 2015 දී ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම කල් ඉකුත් වන ඔක්තෝබර් මාසය වන විට සම්බාධක නැවත පැනවීමට යුරෝපීය කණ්ඩායම දිගු කලක් තිස්සේ තර්ජනය කර ඇති අවස්ථාවකදීයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



