නීති විරෝධී වීඩියෝවක් බෙදා ගැනීම සම්බන්ධයෙන් නෝර්වේ පාපන්දු ක්‍රීඩකයා වරදකරු වීමේ අවදානමක

නෝර්වේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන Andreas Schjelderup නීති විරෝධී වීඩියෝවක් බෙදා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වීමේ අවදානමට මුහුණ දී සිටින බව වාර්තා වේ.

බෙන්ෆිකා (Benfica) කණ්ඩායමේ වයස අවුරුදු 21 ක මෙම ක්‍රීඩකයා සෙනසුරාදා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්, වයස අවුරුදු 19 දී ඩෙන්මාර්කයේ නෝර්ඩ්ස්ජෙලන්ඩ් (Nordsjaelland) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී වීඩියෝවක් ලැබීමෙන් පසු එහි සම්පූර්ණ අන්තර්ගතය නොදැන මිතුරෙකු සමඟ බෙදා ගත් බවත්, එහි අන්තර්ගතය පිළිබඳව දැනගත් වහාම එය මකා දැමූ බවත් Schjelderup පැවසීය.

එම වීඩියෝව සම්බන්දව තමා සම්පූර්ණ වගකීම භාරගන්නා බවත්, එම වීඩියෝවෙන් බලපෑමට ලක් වූ අයට සමාව අයැදීමට කැමති බවත් ප්‍රකාශ කර ඇත.

ඔහු ඩෙන්මාර්ක පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවත්, මෙම වරද සම්බන්ධයෙන් චෝදනා ලැබූ බවත්, නුදුරු අනාගතයේදී වරදකරු වන බවත්, අත්හිටවූ සිර දඬුවමක් ලැබීමට ඉඩ ඇති බවත් ඔහු පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top