නෝර්වේ කිරුළ හිමි කුමරියගේ පුත්‍රයාට දූෂණ චෝදනා!

නෝර්වේ කිරුළ හිමි කුමරිය වන මෙටේ-මාරිට් (Mette-Marit) ගේ පුත්‍රයා සහ අනාගත රජුගේ සුළු පුත්‍රයා වන මාරියස් බෝර්ග් හෝයිබි (Marius Borg Høiby) ට දූෂණ තුනක් සහ තවත් අපරාධ 23ක් සම්බන්ධයෙන් සැක කරන බව නෝර්වේ පොලීසිය නිවේදනය කළේය.

රාජකීය පදවියක් හෝ නිල රාජකාරි නොදරන 28 හැවිරිදි හෝයිබි, පසුගිය වසරේ (2024 අගෝස්තු, සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවලදී) තුන් වතාවක් අත්අඩංගුවට ගෙන තිබුණි. මාස 10ක පරීක්ෂණයකින් පසුව, පොලීසිය මෙම නඩුව අභිචෝදකවරුන්ට භාර දී ඇති අතර, චෝදනා ගොනු කළ යුතුද යන්න ඔවුන් තීරණය කරනු ඇතැයි පොලිස් නීතිඥ ඇන්ඩ්‍රියාස් කෘෂෙව්ස්කි (Andreas Kruszewski) පැවසීය.

ඔස්ලෝ පොලිස් දිස්ත්‍රික්කය (Oslo Police District) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඔවුන් පුළුල් සාක්ෂි පරීක්ෂණ, ඇතුළුව සවිස්තරාත්මක පරීක්ෂණයක් සිදු කළ බවයි. 2024 අගභාගයේ සහ 2025 වසන්තයේදී හෝයිබි කිහිප වතාවක් ප්‍රශ්න කර ඇති අතර පොලීසියට සහයෝගය ලබා දුන් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top