“පලස්තීන පෙලේ” ලෙස හැඳින්වූ පාපන්දු ක්‍රීඩකයාගේ මරණය ගැන UEFA වෙත සලාගෙන් ප්‍රශ්න කිරීමක්

ලිවර්පූල් (Liverpool) පාපන්දු සමාජයේ ඉදිරි පෙළ ක්‍රීඩක මොහොමඩ් සලා (Mohamed Salah), “පලස්තීන පෙලේ” (Palestinian Pele) ලෙස හැඳින්වූ දිවංගත සුලෙයිමාන් අල්-ඔබෙයිඩ් (Suleiman al-Obeid) හට UEFA (යුරෝපා පාපන්දු සම්මේලනය) විසින් පළ කළ උපහාරය විවේචනය කර තිබෙනවා. මෙම උපහාරයේ, ඔහුගේ මරණයට හේතු වූ තත්ත්වයන් ගැන සඳහන් කිරීමට UEFA අසමත් වීම සලාගේ විවේචනයට හේතු වී ඇත.

පලස්තීන පාපන්දු සංගමය පැවසුවේ, 41 හැවිරිදි අල්-ඔබෙයිඩ්, බදාදා (අගෝස්තු 6) දින දකුණු ගාසා තීරයේ (Gaza Strip) මානුෂීය ආධාර (humanitarian aid) සඳහා බලා සිටි සිවිල් වැසියන්ට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් (Israeli attack) මිය ගිය බවයි. X සමාජ මාධ්‍යයේ පළ කළ කෙටි සටහනක UEFA විසින්, අඳුරුම කාලවලදී පවා අසංඛ්‍යාත දරුවන්ට බලාපොරොත්තුවක් දුන් දක්ෂයෙක් ලෙස හිටපු ජාතික කණ්ඩායමේ සාමාජිකයා හැඳින්වීය.

සලා සෙනසුරාදා (අගෝස්තු 9) ඊට ප්‍රතිචාර දක්වමින්, ඔහු මිය ගියේ කෙසේද, කොහේද සහ ඇයිද යන්න ඔබට අපට කිව හැකිද? යනුවෙන් විමසා තිබුණා. ෆුට්බෝල් පලස්තීනයේ (Football Palestine) නිර්මාතෘ බැසිල් මිකාදාඩි (Bassil Mikdadi), පාපන්දු සම්මේලනය මෙම විවේචනයට ප්‍රතිචාර දක්වනු ඇතැයි තමා අපේක්ෂා නොකරන බව පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top