ප්‍රංශය සමඟ one in, one out සංක්‍රමණික ගිවිසුම සති කිහිපයක් තුළ ඇරඹෙන බව ස්ටාමර් පවසයි

එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයේ අවසන් දිනයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) සහ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් (Keir Starmer) කුඩා බෝට්ටු හරහා සංක්‍රමණ මැඩලීම සඳහා නව වැඩපිළිවෙළක් එළිදක්වා තිබේ.

සංක්‍රමණිකයන් 250කට වැඩි පිරිසක් මුහුදේ වාසිය ලබාගෙන ඩෝවර් (Dover) වෙත පැමිණෙද්දී, ස්ටාමර් නව පැමිණෙන්නන් සඳහා one in, one out ප්‍රතිපත්තියක් එළිදැක්වූ අතර, එය සති කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ.

මෙය “අත්හදා බැලීමක්” වන නමුත්, රජය සිතන්නේ මෙය උත්සාහ කිරීමට වටින දෙයක් බවයි. මෙමගින් කුඩා බෝට්ටු වලින් පැමිණෙන සංක්‍රමණිකයන් ප්‍රංශයට ආපසු යවනු ලබන අතර, ඒ වෙනුවට නීති විරෝධී ලෙස එක්සත් රාජධානියට ඇතුළු වීමට උත්සාහ නොකළ සරණාගතයින් පිරිසකට අවස්ථාව උදාවෙන බවයි.

සංක්‍රමණ ගිවිසුම මධ්‍යයේ, මැක්‍රෝන් තවදුරටත් ප්‍රකාශ කළේ, එක්සත් රාජධානිය සහ ප්‍රංශය පළමු වරට න්‍යෂ්ටික නිෂේධනය සම්බන්ධීකරණය කරනු ඇති බවයි. තවද, වැඩි කෲස් මිසයිල මිලදී ගැනීම සඳහා ආරක්ෂක අවශ්‍යතා ද පෙළගස්වා තිබෙන බව වාර්තා වේ.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top