බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය (Bloomberg’s Billionaires Index) අනුව, පාපන්දු ඉතිහාසයේ ප්‍රකෝටිපති තත්ත්වයට (Billionaire Status) ළඟා වූ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පත්ව ඇත. වයස අවුරුදු 40ක් වන පෘතුගාල ජාතික, රොනාල්ඩෝගේ දළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
මෙම වාර්තාව පවසන්නේ, රොනාල්ඩෝ 2002 සිට 2023 දක්වා කාලය තුළ වැටුප් වශයෙන් ඩොලර් මිලියන 550කට වඩා උපයා ඇති අතර, අනුග්‍රාහකත්වයන් සහ ආයෝජන හරහා විශාල ලාභයක් ලබා ඇති බවයි. Nike සමඟ ඇති ඔහුගේ දිගුකාලීන ගිවිසුමෙන් පමණක් ඔහු වසරකට ඩොලර් මිලියන 18ක් පමණ උපයයි.
සෞදි අරාබියේ අල්-නස්ර් සමාජය සමඟ 2027 දක්වා දීර්ඝ කර ඇති රොනාල්ඩෝගේ වත්මන් ගිවිසුමේ වටිනාකම ඩොලර් මිලියන 400කට අධික වන අතර, එය ඔහුව වැඩිම වැටුප් ලබන පාපන්දු ක්‍රීඩකයා බවට පත් කර ඇත.
ඔහුගේ ප්‍රතිවාදියා වන ලියොනල් මෙසී සිය වෘත්තීය ජීවිතයේදී වැටුප් වශයෙන් ඩොලර් මිලියන 600ක් පමණ උපයා ඇති අතර, වර්තමානයේ ඉන්ටර් මියාමි සමාජයෙන් වසරකට උපයන්නේ ඩොලර් මිලියන 20ක් පමණි. එය රොනාල්ඩෝගේ වර්තමාන අදායමෙන් දහයෙන් එකකි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



