ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) ඔහුගේ දිගුකාලීන සහකාරිය වන ජෝර්ජිනා රොඩ්‍රිගෙස් (Georgina Rodríguez) සමඟ විවාහ ගිවිසගෙන ඇත.
මෙම යුවළ මුණගැසී ඇත්තේ ජෝර්ජිනා මැඩ්රිඩ්හි (Madrid) ගුචී (Gucci) වෙළඳසැලක සේවය කරන අතරතුර වන අතර, ඔවුන් වසර නවයක් තිස්සේ පෙම්වතුන් ලෙස සිට ඇත. ඒ වන විට රොනාල්ඩෝ ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් (Real Madrid) සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය.
මුද්දක් සහිත ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ඇය මෙම පුවත නිවේදනය කළා. එහි ඇය ස්පාඤ්ඤ භාෂාවෙන් “ඔව් මම කැමැතියි. මෙම ජීවිතයේ මෙන්ම මගේ සියලු ජීවිතවලදීත්” යනුවෙන් සටහන් කර තිබුණි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර, ඉන්ස්ටග්‍රෑම් හි වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටින පුද්ගලයා වන රොනාල්ඩෝ තවමත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නැත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



