පේරු රාජ්‍යයේ උතුරු බරන්කා (Barranca) පළාතෙන් පැරණි නගරයක් සොයාගත් බව පුරාවිද්‍යාඥයින් නිවේදනය කර තිබෙනවා. පෙනිකෝ (Peñico) ලෙස නම් කර ඇති මෙම වසර 3,500ක් පැරණි නගරය, මුල්කාලීන පැසිෆික් වෙරළබඩ ප්‍රජාවන් ඇන්ඩීස් (Andes) කඳුකරයේ සහ ඇමසන් ද්‍රෝණියේ (Amazon basin) ජීවත් වූ ජනතාව සමඟ සම්බන්ධ කළ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ බව විශ්වාස කෙරේ.
ලිමා (Lima) නගරයට කිලෝමීටර් 200ක් පමණ උතුරින් පිහිටි මෙම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් (අඩි 1,970ක්) පමණ ඉහළින් පිහිටා ඇති අතර, ක්‍රිස්තු පූර්ව 1,800ත් 1,500ත් අතර කාලයේදී එනම් මැද පෙරදිග සහ ආසියාවේ මුල් ශිෂ්ටාචාරයන් දියුණු වෙමින් පැවති සමයේදී ආරම්භ වී ඇති බවට අනුමාන කෙරේ.
පර්යේෂකයන් විසින් නිකුත් කරන ලද ඩ්‍රෝන දර්ශනවල නගරයේ මධ්‍යයේ කඳුකර බෑවුමක පිහිටි වෘත්තාකාර ව්‍යුහයක් සහ එය වටා ඇති ගල් හා මඩ ගොඩනැගිලිවල නටබුන් පෙන්නුම් කරයි. මෙම ස්ථානයේ වසර අටක පර්යේෂණවලින් පසුව, පූජනීය දේවාල සහ නේවාසික සංකීර්ණ ඇතුළුව ව්‍යුහයන් 18ක් සොයාගෙන තිබෙනවා. ගොඩනැගිලි තුළින්, පර්යේෂකයෝ පූජනීය වස්තූන්, මිනිස් සහ සත්ව රූප සහිත මැටි ප්‍රතිමා සහ පබළු හා මුහුදු කවච වලින් සාදන ලද මාල සොයාගෙන ඇත.
පේරු රාජ්‍යය, ඇන්ඩීස් කඳුකරයේ පිහිටි ඉන්කා (Inca) බලකොටුව වන මාචු පික්චු (Machu Picchu) සහ මධ්‍යම වෙරළ තීරයේ කාන්තාරයේ කොටා ඇති අද්භූත නස්කා රේඛා (Nazca Lines) ඇතුළුව ඇමරිකාවේ වඩාත්ම වැදගත් පුරාවිද්‍යාත්මක සොයාගැනීම් බොහොමයකට නිවහන වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



