බ්‍රයන් ම්බියුමෝ මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟ ගිවිසුම් අත්සන් කරයි

මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester United) කණ්ඩායම බ්‍රෙන්ට්ෆෝර්ඩ් (Brentford) කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක බ්‍රයන් ම්බියුමෝව (Bryan Mbeumo) 2030 වසර දක්වා ගිවිසුම් ගත කර ඇති අතර, එය තවත් වසරකින් දීර්ඝ කිරීමේ විකල්පයද සහිත බව යුනයිටඩ් කණ්ඩායම පවසා ඇත.

25 හැවිරිදි කැමරූන් ජාත්‍යන්තර ක්‍රීඩකයා වෙනුවෙන් යුනයිටඩ් කණ්ඩායම බ්‍රෙන්ට්ෆෝර්ඩ් වෙත පවුම් මිලියන 65ක් (ඇමරිකානු ඩොලර් මිලියන 88ක්) ගෙවා ඇති අතර, අමතර ගෙවීම් ලෙස තවත් පවුම් මිලියන 6ක් (ඇමරිකානු ඩොලර් මිලියන 8ක්) ගෙවීමට ඉඩ ඇත. 2024-25 ලීග් වාරයේදී ම්බියුමෝ නව වාර්තා පිහිටුවා ගනිමින්, ප්‍රිමියර් ලීග් (Premier League) හි 10 වැනි ස්ථානයට පත්වීමට බ්‍රෙන්ට්ෆෝර්ඩ්ට උදව් කරමින්, ඔහුගේ ක්‍රීඩා දිවියේ ඉහළම ගෝල 20ක් වාර්තා කිරීමට සමත් වී ඇත.

බහුකාර්ය ක්‍රීඩකයෙකු වන ම්බියුමෝ දකුණු පාර්ශවයේ සාර්ථකව ක්‍රීඩා කළ අතර, මධ්‍ය ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙසද දක්ෂතා දැක්වීය. ඔහු පසුගිය වාරයේ සෑම ලීග් තරගයකටම ක්‍රීඩා කරමින් බ්‍රෙන්ට්ෆෝර්ඩ් කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු බව ඔප්පු කිරීමට සමත් විය. ඔහු 2019 දී ලිග් 2 හි Troyes කණ්ඩායමෙන් ලන්ඩන් සමාජයට එක් වූ අතර, තරග 242කට ක්‍රීඩා කර ගෝල 70ක් ලබා ගනිමින් සහ ගෝල 51කට සහාය ලබා දී ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top