බ්‍රසීලයේ උණුසුම් වායු බැලූන අනතුරකින් 8ක් මරුට! – නියමුවා ඇතුළු 13 දෙනෙකු දිවි ගලවා ගනී

බ්‍රසීලයේ ප්‍රායා ග්‍රාන්ඩේ (Praia Grande) නගරයේදී උණුසුම් වායු බැලූනයක් අනතුරට ලක්වීමෙන් එහි සිටි පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇතැයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

සෙනසුරාදා උදෑසන මෙම බැලූනයට පුද්ගලයන් 21 දෙනෙකු ගොඩවී සිටි බව සාන්ටා කැටරිනා (Santa Catarina) ආණ්ඩුකාර ජෝර්ජින්හෝ මෙලෝ (Jorginho Mello) ‘X’ සමාජ මාධ්‍ය සටහනක සඳහන් කර ඇත. නියමුවා ඇතුළු 13 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, කිසිවෙකු අතුරුදහන් වී නොමැති බව ප්‍රාන්ත රජයේ මාධ්‍ය කාර්යාලය පවසා තිබේ. බැලූනය සෞඛ්‍ය මධ්‍යස්ථානයක් අසල කඩා වැටී ඇති බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

ප්‍රායා ග්‍රාන්ඩේ පොලිස් ස්ථානයේ නිලධාරී තියාගෝ ලුයිස් ලෙමොස් (Tiago Luiz Lemos) මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ, දිවි ගලවා ගත් නියමුවාට අනුව, බැලූන බාස්කට් එක තුළ ගින්නක් හටගෙන ඇති බවයි. ඔහු බැලූනය පහත් කිරීමට පටන් ගත් අතර, බැලූනය පොළවට ඉතා ආසන්න වූ විට ජනතාවට පනින ලෙස දැනුම් දී ඇත. “ඔවුන් පනින්න පටන් ගත්තා, නමුත් සමහර අයට එය කරගන්න බැරි වුණා. ගිනිදැල් වැඩි වෙන්න පටන් ගත්තා, බර අඩු වීම නිසා බැලූනය නැවත ඉහළට යන්න පටන් ගත්තා.” පසුවගුරුත්වාකර්ෂණය අහිමිවීමහේතුවෙන් එය කඩා වැටුණු බවද ඔහු පැවසීය.

දිවි ගලවා ගත් 13 දෙනා ආසන්න රෝහල් වෙත ඇතුළත් කර ඇති බව ප්‍රාන්ත රජයේ මාධ්‍ය කාර්යාලය සඳහන් කළේය.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top