ඕස්ට්‍රේලියාව පසුගිය වසරේදී දරුවන් සඳහා ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ යූටියුබ් වැනි වේදිකා තහනම් කිරීමට ගත් තීරණයත් සමඟ බ්‍රිතාන්‍යය ද මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත.
සම්පූර්ණ තහනමකට අමතරව, රජය විසින් ‘Infinite scrolling’ සහ ‘Autoplay’ වැනි දරුවන් ඇබ්බැහි කරවන පහසුකම් ඉවත් කිරීම, දරුවන්ට හොඳ නින්දක් ලබා ගැනීම සඳහා රාත්‍රී කාලයේදී සමාජ මාධ්‍ය භාවිතය අත්හිටුවීම, දරුවන්ට සීමාවකින් තොරව AI තාක්ෂණය (Chatbots) භාවිත කිරීමට ඉඩ දිය යුතු ද යන්න සහ දරුවෙකුගේ වයස නිවැරදිව තහවුරු කිරීමේ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීම යන විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද මහජන මතය විමසයි.
තාක්ෂණ ලේකම් ලිස් කෙන්ඩල් (Liz Kendall) පවසන්නේ, දරුවෙකුගේ ළමා කාලය ආදරය, ඉගෙනීම සහ ක්‍රීඩාවෙන් පිරී තිබිය යුතු බවත්, අන්තර්ජාල ලෝකය තුළ ද එම ආරක්ෂාව තහවුරු විය යුතු බවත්ය. දෙමාපියන් සිය දරුවන්ගේ “ස්ක්‍රීන් ටයිම්” (Screen time) සහ අන්තර්ජාලය හරහා දකින දේ පිළිබඳව පවතින ගැටලුවලට මෙයින් විසඳුම් සෙවීමට අපේක්ෂා කෙරේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



