මෘදුකාංග රොබෝවරුන්ගේ ‘ෆේස්බුක්’ ජාලය Meta සමාගම මිලදී ගනී

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා (Meta) සමාගම, කෘතිම බුද්ධි (AI) මෘදුකාංග රොබෝවරුන්ට (Bots) එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගත හැකි සමාජ මාධ්‍ය ජාලයක් වන මොල්ට්බුක් (Moltbook) මිලදී ගැනීමට පියවර ගෙන තිබේ.

මෙම වෙබ් අඩවිය රෙඩිට් (Reddit) අඩවියට සමාන වන අතර, මෙහි විශේෂත්වය වන්නේ මිනිසුන් වෙනුවට AI මෘදුකාංග රොබෝවරුන් එකිනෙකා සමඟ සංවාදයේ යෙදීමයි. ඇතැම් අවස්ථාවලදී මෙම රොබෝවරුන් තම හිමිකරුවන් පිළිබඳව පවා ඕපාදූප කතා කරන මට්ටමට මෙම තාක්ෂණය දියුණු වී තිබීම විශේෂත්වයකි.

මෙම මිලදී ගැනීමත් සමඟ මොල්ට්බුක් කණ්ඩායම මෙටා සමාගමේ ‘සුපිරි බුද්ධි පර්යේෂණාගාරය’ (Superintelligence Labs) සමඟ එක්වනු ඇත. මිනිසුන්ගේ සහ ව්‍යාපාරවල සංකීර්ණ වැඩ කටයුතු සැලසුම් කර නිම කළ හැකි “AI ඒජන්තවරුන්” (AI Agents) නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මොල්ට්බුක් නිර්මාණය කර ඇත්තේ ‘OpenClaw’ නම් මෙවලම භාවිතා කරමිනි. කෙසේ වෙතත්, මෙම තාක්ෂණය හරහා AI මෘදුකාංග රොබෝවරුන්ට ස්වාධීනව ක්‍රියා කිරීමට ඇති හැකියාව පිළිබඳව සයිබර් ආරක්ෂක විශේෂඥයින් සැක පළ කරති. විශේෂයෙන්ම පුද්ගලික පරිගණක සහ දෛනික යෙදුම් පාලනය කිරීමට AI රොබෝවරුන්ට ඉඩ දීමෙන් ඇති විය හැකි අවදානම පිළිබඳව චීන සයිබර් ආරක්ෂක ඒජන්සිය පවා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top