රාජ්‍ය ආයතන ලෙස වෙස් වලා ගන්නා වංචා පණිවිඩ වැළැක්වීමට Apple සහ Google වෙත සිංගප්පූරුවෙන් නියෝග

සිංගප්පූරු පොලිස් බලකාය (Singapore Police Force) සඳුදා (නොවැම්බර් 24) දින iMessage සහ Google Messages හරහා රාජ්‍ය ආයතන ලෙස වෙස් වලාගෙන (impersonation) එවන වංචා පණිවිඩ වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස Apple සහ Google සමාගම්වලට නියෝග කර තිබේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (MHA) විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම ක්‍රියාමාර්ග මගින් “gov.sg” SMS යවන්නාගේ හැඳුනුම්පත (sender ID) සහ රජයේ ආයතනවල නම් භාවිත කරමින් සිදු කරන ව්‍යාජකරණය (spoofing) වැළැක්වීම අරමුණු කරයි. (ව්‍යාජකරණය යනු සයිබර් අපරාධකරුවන් දැනට හඳුනන හෝ විශ්වාසදායක මූලාශ්‍රයක් ලෙස වෙස්වලා ගැනීමට භාවිතා කරන තාක්‍ෂණයකි.)

පොලිසිය විසින් මාර්ගගත අපරාධ හානි පනත (Online Criminal Harms Act) යටතේ නිකුත් කර ඇති මෙම නියෝගවලට අනුකූල වීම සඳහා සමාගම්වලට ලබන ඉරිදා දක්වා කාලය ලබා දී ඇත.

MHA මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නවතම ව්‍යාජකරණ-විරෝධී ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා, ජංගම උපාංගවල ඇති iMessage සහ Google Messages යෙදුම් නිතිපතා යාවත්කාලීන කර තබාගන්නා ලෙසයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA ඇසුරෙනි.

Scroll to Top