ලෝකයේ “ජීවත්වීමට සුදුසුම නගර” ශ්‍රේණිගත කිරීම් වලට මෑතකාලීන ආරක්ෂක ගැටළු බලපා ඇති බව, “Economist Intelligence Unit” ආයතනයේ 2025 ගෝලීය ජීවන හැකියාව පිළිබඳ දර්ශකය වාර්තා කරයි. ඒ අනුව, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරය ඔස්ට්‍රියාවේ වියානා අභිබවා මෙවර ඉහළම ස්ථානයට පත්ව තිබේ.
බටහිර යුරෝපීය නගර, මීට පෙර පෙරමුණේ සිටි වියානා ඇතුළුව, ත්‍රස්තවාදී තර්ජන, කැරලි, අපරාධ සහ යුදෙව් විරෝධී ප්‍රහාරවල වැඩිවීමක් හේතුවෙන් ඔවුන්ගේ ලකුණු අඩුවී ඇත. විශේෂයෙන්ම, ඔස්ට්‍රියාවේ අගනුවර වන වියානා, මෑතකාලීන ත්‍රස්තවාදී භීෂණයන් හේතුවෙන් එහි ප්‍රමුඛ ස්ථානය අහිමි කරගෙන තිබේ.
2024 වසරේ ටේලර් ස්විෆ්ට් ප්‍රසංගවලට පෙර එල්ල වූ බෝම්බ තර්ජනයක් සහ මේ වසර මුලදී නගරයේ දුම්රිය ස්ථානයකට සැලසුම් කර තිබූ ප්‍රහාරයක් අනාවරණය වීම, වියානා නගරයේ ස්ථාවරත්වයේ ලකුණු තියුණු ලෙස පහත හෙළීමට හේතු වූ බව වාර්තාවේ සඳහන් වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු Bloomberg අනුග්‍රහයෙනි.



