ඉරානය සහ අමෙරිකා-ඉශ්‍රායල ඒකාබද්ධ බලකායන් අතර පවතින යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඇති වී තිබෙන තෙල් සැපයුම් බාධාවන් අවම කිරීම සඳහා, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සිය ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට තීරණය කර තිබේ. ඒ අනුව බොරතෙල් බැරල් මිලියන 400 ක ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට මුදාහැරීමට නියමිතය.
මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගත් නෞකා දෙකකට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව විසින් ප්‍රහාර එල්ල කර ඒවා රඳවාගෙන තිබේ. ඉරානය පවසන්නේ තම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නිසා මෙම පියවර ගත් බවයි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට අමෙරිකානු සහ ඉශ්‍රායල බලකායන් විසින් බෝම්බ හෙළා ඇති බව වාර්තා වේ. ඉරානය පවසන්නේ සිවිල් මධ්‍යස්ථාන 10,000 ක් පමණ මෙම ප්‍රහාරවලින් විනාශ වී ඇති බවයි. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ද දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අතර කුවේටය, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම මිසයිල සහ ඩ්‍රෝන යානා අතරමගදී විනාශ කර ඇති බව වාර්තා කරයි.
ඉශ්‍රායල හමුදාව ලෙබනනයේ බීරූට් නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දරුණු ලෙස බෝම්බ හෙළීම දිගටම කරගෙන යයි. බීරූට් නුවර මධ්‍යයේ පිහිටි ජනාවාස ගොඩනැගිලි පවා මෙම ප්‍රහාරවලින් දැඩි ලෙස හානියට පත්ව ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



