වාර්තාවක් පිහිටුවූවත් රොනාල්ඩෝගේ Al Nassr කණ්ඩායමට සෞදි සුපර් කප් අවසන් මහා තරඟය අහිමි වෙයි

ක්‍රීඩා සමාජ හතරක් සඳහා තරඟකාරී ගෝල 100ක් ලබා ගත් ලොව ප්‍රථම ක්‍රීඩකයා බවට පත් වීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) සමත් වුවද, සෞදි සුපර් කප් (Saudi Super Cup) අවසන් මහා තරඟය Al Nassr කණ්ඩායමට අහිමි වී තිබෙනවා.

සෙනසුරාදා (අගෝස්තු 23) හොංකොං ක්‍රීඩාංගණයේදී (Hong Kong Stadium) පැවති මෙම අවසන් තරඟයේදී Al-Ahli කණ්ඩායම සමඟ පැවති තරඟය 2-2ක් ලෙස අවසන් වූ පසු, දඬුවම් පහරවලින් 5-3ක් ලෙස පරාජය විය.

2022 දෙසැම්බරයේදී Al Nassr කණ්ඩායමට එක් වූ මෙම 40 හැවිරිදි ක්‍රීඩකයා, එම කණ්ඩායම වෙනුවෙන් තම 100 වන ගෝලය වාර්තා කළේය. ඔහු මීට පෙර රියල් මැඩ්රිඩ් (Real Madrid) වෙනුවෙන් ගෝල 450ක්, මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester United) වෙනුවෙන් ගෝල 145ක් සහ ජුවෙන්ටස් (Juventus) වෙනුවෙන් ගෝල 101ක් රැස් කර තිබෙනවා.

මෙම වාර්තාවත් සමඟ, ක්‍රීඩා සමාජ තුනක් වෙනුවෙන් ගෝල 100ක් වාර්තා කර තිබූ ඉසිද්‍රෝ ලැන්ගරා (Isidro Langara), රොමාරියෝ (Romario) සහ නේමාර් (Neymar) යන ක්‍රීඩකයන් අභිබවා යාමට රොනාල්ඩෝට හැකි වි ඇත.

දඬුවම් පහරින් රොනාල්ඩෝ ගෝලයක් ලබා ගත් නමුත්, ඔහුගේ කණ්ඩායමේ සගයෙකු වූ අබ්දුල්ලා අල්-ඛායිබරි (Abdullah al-Khaibari) එය මග හැරිය අතර, 5-3ක් ලෙස Al-Ahli කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top