සර්බියාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක්; දහස් ගණනක් අත්අඩංගුවට

සර්බියානු අගනුවරදී ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්ට (Aleksandar Vucic) එරෙහි දැවැන්ත රැලියක් අතරතුර කැරලි මර්දන පොලීසිය සමඟ ඇති වූ ගැටුම්වලින් පසු, ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් දස දහස් ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂකයෝ මෙම විරෝධතාවයේ නිරත වූහ.

සර්බියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඉවිකා ඩැචික් (Ivica Dacic) පැවසුවේ, සමහර විරෝධතාකරුවන් පොලීසියට පහර දුන් බවයි. මහජන සාමය යථා තත්ත්වයට පත් කිරීමට සහ “පොලීසියට පහර දුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට” පොලීසිය තම බලතල භාවිතා කළ බව ඔහු පැවසීය. සමහර විරෝධතාකරුවන් මුහුණු ආවරණ සහ ස්කාෆ් පැළඳ සිටි අතර, පොලීසිය සමඟ ගැටෙමින්, පොලිස් බැටන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට කුණු බඳුන් භාවිතා කළහ.

ජනාධිපති වුසික් සහ ඔහුගේ දක්ෂිණාංශික සර්බියානු ප්‍රගතිශීලී පක්ෂය (Serbian Progressive Party) මැතිවරණයක් සඳහා වූ ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති අතර, විරෝධතාකරුවන් විදේශයන්ගෙන් ලැබෙන නියෝග මත ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමට සැලසුම් කරන බවට චෝදනා කළේය.

සර්බියානු පොලීසිය පැවසුවේ, විරෝධතාව ආරම්භයේදී 36,000 ක ජනතාවක් සිටි බවයි. මහජන රැස්වීම් වාර්තා කරන ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් පැවසුවේ, සිසුන්ගේ නායකත්වයෙන් පැවති මෙම රැලියට 140,000 ක් පමණ සහභාගී වූ බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top