සුපර්මෑන් චිත්‍රපටයේ දුෂ්ටයා වූ ටෙරන්ස් ස්ටෑම්ප්, 87 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වෙයි

සුපර්මෑන් (Superman) චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ටයා වූ ජෙනරල් සෝඩ් (General Zod) ලෙස රඟපෑ, ඉංග්‍රීසි නළු ටෙරන්ස් ස්ටෑම්ප් (Terence Stamp), 87 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දශක හයකට අධික ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ, ඔස්කාර් සම්මානයට (Oscar-nominated) නිර්දේශ වූ මෙම නළුවා The Adventures of Priscilla, Queen of the Desert, Far From the Madding Crowd සහ Valkyrie ඇතුළු තවත් බොහෝ චිත්‍රපටවල රඟපා ඇත. ස්ටෑම්ප් ඉරිදා (අගෝස්තු 17) උදෑසන මිය ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත.

1938 ජූලි 22 වන දින නැගෙනහිර ලන්ඩනයේ (east London) ස්ටෙප්නි (Stepney) හි කම්කරු පන්තියේ දෙමාපියන්ට දාව උපන් ස්ටෑම්ප්, ද්විතීයික පාසල් අධ්‍යාපනයෙන් පසු වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වෘත්තියක් හැදෑරීය.

නාට්‍ය පාසලක් සඳහා ශිෂ්‍යත්වයක් ලබා ගැනීමෙන් පසු, ඔහු 1960 දශකයේදී ප්‍රසිද්ධියට පත් විය. 1962 දී Billy Budd නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් ඔහු සිය මංගල රංගනය සිදු කළේය. එම රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවා සඳහා ඔස්කාර් සම්මානයටත්, හොඳම නවක නළුවා සඳහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයටත් (Golden Globe) ඔහු නිර්දේශ විය.

ඔහු සුපර්මෑන් සහ සුපර්මෑන් II හි ජෙනරල් සෝඩ්, The Collector හි ෆ්‍රෙඩී ක්ලෙග් සහ Far From the Madding Crowd හි සාජන් ට්‍රෝයි (Sergeant Troy) ලෙස රඟපාමින් දුෂ්ට චරිත නළුවෙකු ලෙසද ප්‍රසිද්ධියක් ඉසිලීය.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top