බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක් සහිත පොත් රචනා කළ සුප්‍රකට ලේඛිකා ඩේම් ජිලී කූපර් (Dame Jilly Cooper) මහත්මිය වයස අවුරුදු 88 දී අභාවප්‍රාප්ත වී ඇත. පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ, ඉරිදා උදෑසන ඇද වැටීමකින් පසු ඇයගේ අභාවය සිදු වූ බවයි. ඇයගේ දරුවන් වන ෆීලික්ස් (Felix) සහ එමලී (Emily) ඒ බව නිවේදනය කර ඇත.
ඇයගේ වඩාත්ම ප්‍රසිද්ධ කෘතිවලින් එකක් වන ‘රයිවල්ස්’ (Rivals), මෑතකදී Disney+ විසින් රූපවාහිනී කතා මාලාවක් ලෙස අනුවර්තනය කරන ලදී. කූපර් මහත්මිය පසුගිය වසරේදී ‘ඩේම් කමාන්ඩර්’ (Dame Commander) තනතුරෙන් පිදුම් ලැබූ අතර, තෙවන චාල්ස් රජු සමඟ පැවති එම උත්සවය ඇය විසින් “අතිශය ප්‍රීතිමත්” (‘orgasmic’) මොහොතක් ලෙස විස්තර කර තිබුණි.
ඩේම් ජිලී කූපර් මහත්මියගේ මිතුරියක් වන එංගලන්තයේ රැජින (Queen) ඇයගේ අභාවය වෙනුවෙන් විශේෂ උපහාරයක් පිරිනමා ඇත. තම ජීවිත කාලය තුළදීම පුරාවෘත්තයක් වීමට තරම් වාසනාවන්ත ලේඛිකාවන් සිටින්නේ ඉතා ස්වල්ප දෙනෙක් බවත් ජිලී ඔවුන් අතර එක් අයෙක් බවත් රැජින පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



