2020 මැතිවරණ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් Newsmax සමාගම ඩොලර් මිලියන 67ක් ගෙවයි

එක්සත් ජනපදයේ (United States) 2020 ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ (Donald Trump) පරාජය සම්බන්ධයෙන් කළ අසත්‍ය ප්‍රකාශ හේතුවෙන්, දක්ෂිණාංශික මාධ්‍ය ජාලයක් වන Newsmax, ඡන්ද තාක්ෂණ සමාගමකට ඩොලර් මිලියන 67ක් ගෙවීමට එකඟ වී තිබෙනවා.

Newsmax විසින් එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට (SEC) ඉදිරිපත් කළ ලේඛනයකින්, ඩොමීනියන් වෝටින් සිස්ටම්ස් (Dominion Voting Systems) සමාගම ගොනු කළ අපහාස නඩුව සමථයකට පත් කර ඇති බව නිවේදනය කළේය. මෙම සමථ ගිවිසුම යටතේ Newsmax, පසුගිය සිකුරාදා ඩොමීනියන් සමාගමට ඩොලර් මිලියන 27ක් ගෙවා ඇති අතර, 2026 දී ඩොලර් මිලියන 20ක් සහ 2027 දී අවසාන ඩොලර් මිලියන 20ක් ගෙවීමට නියමිත බව පවසා තිබෙනවා.

රුපර්ට් මර්ඩොක් (Rupert Murdoch) ට අයත් ෆොක්ස් නිව්ස් (Fox News) ද, 2023 දී ඩොමීනියන් සමාගම සමඟ ඇති කරගත් එවැනිම අපහාස නඩුවක් ඩොලර් මිලියන 787.5ක විශාල මුදලකට සමථයකට පත් කර ගත්තේය. 2020 දී ප්‍රජාතන්ත්‍රවාදී ජෝ බයිඩන් (Joe Biden) ට්‍රම්ප් පරාජය කළ එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී, ඡන්ද තාක්ෂණය වංචා කිරීමට භාවිතා කළ බවට කළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්, 2021 දී ඩොමීනියන් සමාගම Newsmax ට එරෙහිව ඩොමීනියන් සමාගම ඩොලර් බිලියන 1.6ක වන්දියක් ඉල්ලා සිටියේය.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top