ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් හයිටියේ 24ක් මරුට

ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් හයිටියේ 24ක් මරුට

හයිටි රාජ්‍යයේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය නිවේදනය කරයි.
හයිටි අගමැති ගැරී කෝවිල් (Garry Coville) පවසන පරිදි තවත් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ සිරුරු 80% ක් පමණ පිළිස්සී ඇත. එරට අගනුවර වන, පෝට් ඕ ප්‍රින්ස් (Port-au-Prince) ට බටහිර දෙසින් කිලෝමීටර් 100ක් (සැතපුම් 60ක්) පමණ දුරින් පිහිටි මිරගෝනේ කොමියුනය (Commune of Miragoane) ආසන්නයේ සෙනසුරාදා(07) මෙම සිදුවීම සිදු වී ඇත.
මාධ්‍ය වාර්තාවලට අනුව, ඉන්ධන ටැංකිය රැඟත් රථය තවත් වාහනයක ගැටී ඉන්ධන මාර්ගයට කාන්දු වීමට පටන් ගෙන ඇත. පිපිරුම සිදුවී ඇත්තේ මාර්ගය පුරා ඉහිරී ගිය ඉන්ධන එකතු කිරීමට අවට මිනිසුන් මාර්ගය අසලට රැස්ව සිටියදීය. “එය අපි දුටු ඉතා බිහිසුණු දර්ශනයකි,” (it’s a horrible scene we’ve just witnessed)
කෝවිල් මහතා පෝට්-ඕ-ප්‍රින්ස් ගුවන් තොටුපළේ දී මෙලෙස පැවසීය. ඒ වන විටත් තුවාල ලැබූවන්ගෙන් සමහරක් පැමිණෙමින් සිටියහ.
වින්දිතයින්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සඳහා තමාට හැකි සෑම දෙයක්ම කරන බවට ඔහු පොරොන්දු විය.
හයිටි සිවිල් ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානී එමානුවෙල් පියරේ (Emmanuel Pierre) AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ පිපිරුම් ස්ථානය අසල තවත් මළ සිරුරු හමු වීමත් සමඟ 16ක්ව පැවති මුල් මරණ සංඛ්‍යාව සංශෝධනය කරන ලද බවයි.
ගෑස් ටැංකියක් පිපිරීමෙන් හයිටි රාජ්‍යයේ මරණ කිහිපයක් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ.
2021 වසරේ මෙවැනිම සිදුවීමකින් 60කට වැඩි පිරිසක් මිය ගියහ.

රටේ ප්‍රදේශ පාලනය කර ගෙන ඇති ප්‍රචණ්ඩ කල්ලි සමඟ රජය සටන් කරන බැවින් හයිටි දැඩි ප්‍රචණ්ඩත්වයේ සහ අස්ථාවර කාල පරිච්ඡේදයකට මුහුණ දෙමුන් සිටී.
මේ මස මුලදී, හයිටි බලධාරීන් හදිසි තත්වයක්ද නිවේදනය කළේය.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි

https://www.bbc.com/news/articles/c4g9e4zq961o

Scroll to Top