ලිංගික අතවර චෝදනාවකට රෆා මිර් අත්අඩංගුවට

ලිංගික අතවර චෝදනාවකට රෆා මිර් අත්අඩංගුවට

වැලෙන්සියා පාපන්දු ක්‍රීඩක රෆා මිර් ලිංගික අතවර සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට 25 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 21 හැවිරිදි මිතුරිය සම්බන්ධ වන අතර, ඔවුන් කියා සිටින්නේ තමන්ට මිර්ගේ නිවසේදී පහර දුන් බවයි. මෙම කාන්තාව සඳුදා පොලිසියට පැමිණිල්ලක් කළ අතර මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ මිර් පමණි. මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු සොයා පොලිසිය තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. වැලෙන්සියා පාපන්දු සමාජය අත්අඩංගුවට ගැනීම තහවුරු කර ඇති අතර අධිකරණ පද්ධතියට පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළේය. 27 හැවිරිදි Mir, මෙම ගිම්හානයේදී (summer) Sevilla වෙතින් ණයට Valencia හා එක් වූ අතර දැනටමත් LaLiga තරඟ හතරකට ක්‍රීඩා කර ඇත. ඔහු Valencia හි සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර Wolves සහ Nottingham Forest ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් සඳහාද ක්‍රීඩා කර ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු ESPN අනුග්‍රහයෙනි

https://www.espn.com.sg/soccer/story/_/id/41106802/valencia-rafa-mir-arrested-alleged-sexual-assault

Scroll to Top