කෙන්යාවේ ප්‍රාථමික පාසලකට අයත් නේවාසිකාගාරයක ගින්නක්

කෙන්යාවේ ප්‍රාථමික පාසලකට අයත් නේවාසිකාගාරයක ගින්නක්

මධ්‍යම කෙන්යාවේ ප්‍රාථමික පාසලකට අයත් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 17 දෙනෙකු මිය ගියහ. මධ්‍යම රාත්‍රියේ නේවාසිකාගාරය තුල ගින්න ඇති වූ අතර, එහි බොහෝ විට අවුරුදු 9 ක් පමණ වන සිසුන් 150 කට වැඩි පිරිසක් නිදා සිට ඇත. දරුවන් හැත්තෑ දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර, බොහෝවිට ඔවුන් එම අවස්තාවේ පැන යන්නට හෝ පාසලට නොදන්වා දෙමාපියන් විසින් රැගෙන යන්නට ඇතැයි සැක කෙරේ.

ඇතැම් සිරුරු හඳුනාගත නොහැකි ලෙස ඉතා බරපතල ආකාරයට පිළිස්සී ඇති බැවින් දෙමාපියන් තම දරුවන් පිළිබඳ පුවත් අපේක්ෂාවෙන් බලා සිටිති. අබලන් වූ මාර්ග හේතුවෙන් මුදාගැනීමේ කටයුතු ප්‍රමාද වූ නමුත් ප්‍රදේශවාසීන් ගින්න නිවිමට ඉක්මනින් මැදිහත්වී ඇත.

ගින්නට හේතුව සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, අවමංගල්‍ය වියදම් සහ රෝහල් බිල්පත් සඳහා පවුල්වලට උපකාර කිරීමට බලධාරීන් පොරොන්දු වී තිබේ.

කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ, ගින්න “විනාශකාරී” (“horrific” and “devastating”) ලෙස හැඳින්වූ අතර පාසල් බලධාරීන් එහි වගකීම ගත යුතු බව පැවසීය. කෙන්යානු නේවාසික පාසල්වල පාසල් ගිනි ගැනීම කනගාටුදායක ලෙස සාමාන්‍ය දෙයක් වී තිබේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි

https://www.bbc.com/news/articles/cje2jnlldgvo

Scroll to Top