ඇමරිකාව පුරා ට්‍රම්ප්ට එරෙහිව මහජන විරෝධතා, ජනපති හමුදා පෙළපාලියක

ඇමරිකාවේ විවිධ නගරවල ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා රැල්ලක් ආරම්භ වී ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වොෂින්ටන් ඩී.සී. හි සංවිධානය කළ හමුදා පෙළපාලියක් අතරතුරය. “No Kings” යන නාමයෙන් රට පුරාම පැවැති විරෝධතා රැළිය, ට්‍රම්ප්ගේ නායකත්වයට සහ ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කිරීමේ අරමුණින් පවත්වා ඇත.

නීති සම්පාදකයින්, වෘත්තීය සමිති නායකයින් සහ ක්‍රියාකාරීන් නිව්යෝර්ක්, ෆිලඩෙල්ෆියා සහ හූස්ටන් ඇතුළු නගරවල ට්‍රම්ප් විවේචනය කරන ඇමරිකානු ධජ සහ පුවරු ලෙලවමින් රැස්ව සිටි පිරිසට දේශන පවත්වා ඇති අතර විශේෂයෙන්ම ඔහු පනවන ලද ආගමන නීති සහ මහජන සෞඛ්‍ය ආයතනවල කපා හැරීම් පිළිබඳව විරෝධය දක්වා ඇත.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදී තිබූ 14 වන සෙනසුරාදා සවස පැවති මෙම හමුදා පෙළපාලිය, ඇමරිකානු හමුදාවේ 250 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබුණි.  

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි

Scroll to Top