ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන 2025 තරගාවලියේ නිල කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කර තිබේ.
තරගාවලිය සැප්තැම්බර් 30 වන දින බැංගලෝර්හිදී ආරම්භ වීමට නියමිත අතර, සත්කාරක ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය. තරග දේශීය වේලාවෙන් ප.ව. 3:00 ට ආරම්භ වේ.
මූලික වටයේ තරග ඔක්තෝබර් 26 වන දින දක්වා පැවැත්වෙන අතර, අවසන් දිනයේ වැදගත් තරග දෙකක් පැවැත්වීමට නියමිතය: ගුවාහාටිහිදී එංගලන්තය සහ නවසීලන්තය අතරත්, නැවතත් බැංගලෝර්හිදී ඉන්දියාව සහ බංග්ලාදේශය අතරත් එම තරග පැවැත්වේ.
අවසන් පූර්ව තරග ඔක්තෝබර් 29 සහ 30 යන දිනවලදී පැවැත්වෙන අතර, අවසන් මහා තරගය නොවැම්බර් 2 වන දින පැවැත්වීමට නියමිතය.
උපුටා ගැනීම: සියළු තොරතුරු Indian Cricket Team අනුග්රහයෙනි



