ෆ්ලොරිඩා ප්‍රාන්තය, එවර්ග්ලේඩ්ස් වගුරුබිම ආශ්රිත ගුවන් තීරුවක තාවකාලික සංක්‍රමණික රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට පටන්ගෙන ඇති අතර, එය මතභේදාත්මක ලෙස ‘ඇලිගේටර් අල්කට්රාස්’ (Alligator Alcatraz) ලෙස නම් කර ඇත. මෙම පහසුකම සඳහා ප්‍රධාන වශයෙන් අරමුදල් සපයනු ලබන්නේ, මීට පෙර ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් සඳහා නවාතැන් සහ වෙනත් ආධාර සැපයීමට භාවිතා කළ, ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සියේ (Federal Emergency Management Agency) නවාතැන් සහ සේවා වැඩසටහන මගිනි.
මියාමි සිට කිලෝමීටර 58ක් (සැතපුම් 36ක්) පමණ දුරින් පිහිටි ඩේඩ්-කොලියර් පුහුණු හා සංක්‍රාන්ති ගුවන් තොටුපළ (Dade-Collier Training and Transition Airport) භූමියේ මෙම පහසුකම ඉදිකරනු ලැබේ. එය ක්‍රියාත්මක කිරීමට වසරකට ඩොලර් මිලියන 450ක් (පවුම් මිලියන 332ක්) පමණ වැය වනු ඇතැයි ගණන් බලා ඇත.
කෙසේ වෙතත්, මියාමි-ඩේඩ් ප්‍රාන්තයේ ප්රජාතන්ත්රවාදියෙකු වන නගරාධිපති ඩැනියෙලා ලෙවින් කාවා (Daniela Levine Cava) මෙම සැලැස්ම විවේචනය කරමින් කියා සිටියේ “ෆ්ලොරිඩා එවර්ග්ලේඩ්ස් යනු වගුරු බිම්, තණබිම්, වනාන්තර, කඩොලාන සහ මෝය වලින් සමන්විත අද්විතීය පාරිසරික කලාපයක් බැවින්, එවර්ග්ලේඩ්ස් පරිසර පද්ධතියට ඇති වන බලපෑම් විනාශකාරී විය හැකි” බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



