UFC 317 හි සැහැල්ලු බර පන්තියේ ශූරතාව සඳහා ඉලියා ටොපුරියා, චාල්ස් ඔලිවේරා සමග සටනට!

2025 වසරේ විශාලතම UFC සටනක් ලෙස සැලකෙන සටනකින්, පරාජයට පත් නොවූ හිටපු ෆෙදර්වේට් (featherweight) ශූර ඉලියා ටොපුරියා (Ilia Topuria) සහ බ්‍රසීලයේ හිටපු සැහැල්ලු බර (lightweight) ශූර චාල්ස් ඔලිවේරා (Charles Oliveira) UFC 317 හිදී රාත්තල් 155 (කිලෝග්‍රෑම් 70) බර පන්තියේ ශූරතාව සඳහා තරඟ වැදීමට නියමිතය.

ටොපුරියා, මෙම වසර මුලදී සැහැල්ලු බර පන්තියට මාරුවීම සඳහා සිය ෆෙදර්වේට් ශූරතාව අත්හැරියේය. ඔහුගේ මුල් අරමුණ වූයේ ESPN විසින් ලෝකයේ හොඳම පවුන්ඩ්-ෆෝ-පවුන්ඩ් (pound-for-pound) UFC සටන්කරුවා ලෙස ශ්‍රේණිගත කර ඇති ඉස්ලාම් මක්චෙව් (Islam Makhachev) හට අභියෝග කිරීමයි.

කෙසේ වෙතත්, ජෝර්ජියානු-ස්පාඤ්ඤ ජාතික  ටොපුරියා, සබ්මිෂන් (submission) ජයග්‍රහණ (16), වැඩිම ෆිනිෂස් (finishes) (20) සහ වැඩිම ප්‍රසාද දීමනා (bonuses) (20) වැනි UFC වාර්තා කිහිපයක් දරන ප්‍රබල ප්‍රතිවාදි ඔලිවේරා සමඟ තරඟ වැදීමට නියමිතය.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top