අසල්වැසි කාම්බෝජය සමඟ ඇති දේශසීමා ආරවුලක් හේතුවෙන් තායි අගමැතිනී පේතොංතාන් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra) ගේ ඉල්ලා අස්වීම ඉල්ලා දහස් ගණනක් සෙනසුරාදා තායිලන්තයේ අගනුවරදී විරෝධතාවයක නිරත වූහ.
මෙම නවතම ගැටුම මැයි මාසයේදී තායිලන්තය සහ කාම්බෝජය අතර ආරවුල් සහිත දේශසීමා ප්‍රදේශයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකින් ආරම්භ විය. තායි ජාතිකවාදී කණ්ඩායම්, පේතොංතාන් හමුදා අණදෙන නිලධාරියෙකු විවේචනය කරමින් සහ කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් (Hun Sen) හමුවේ හිස නමන ආකාරයක් දක්වන වීඩියෝවකින් පසුව, ඇයව ඉවත් කරන ලෙස ඉල්ලීම් තීව්‍ර කළහ. හමුදාවට සැලකිය යුතු බලයක් ඇති රටක, හමුදාව විවේචනය කිරීම රතු ඉරක් ලෙස සැලකේ. ඇමතුමෙන් පසු පේතොංතාන් සිය ප්‍රකාශයන්ට සමාව ඉල්ලා සිටියාය.
38 හැවිරිදි පේතොංතාන්, දුර්වල වෙමින් පවතින ආර්ථිකයක් යළි නංවාලීමට අරගල කරමින් සිටින අතර, 2023 දී පාලක ෆියූ තායි (Pheu Thai) පක්ෂය බලයට පත්වීමෙන් පසු සිදු වූ විශාලතම පෙළපාලිය මෙය වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.



