වසර 20ක් පුරා රෙඩ් බුල් (Red Bull) ෆෝමියුලා 1 (Formula 1) කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ 51 හැවිරිදි ක්‍රිස්ටියන් හෝර්නර් (Christian Horner)ව එම ධුරයෙන් පහ කර තිබෙනවා. 2005 වසරේ කණ්ඩායම ආරම්භ කළ දා සිට ඔහු ඔවුන්ව drivers’ ශූරතා 8කට සහ constructors’ ශූරතා 6කට යොමු කර ඇත.
මෙම නෙරපා හැරීම සිදු වන්නේ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය මාස ගණනාවක් තිස්සේ පහත වැටීමෙන් සහ ඉහළම මට්ටමේ අභ්‍යන්තර ආරවුල් මධ්‍යයේයි. මෙය, හෝර්නර්ට කාන්තා සේවිකාවක් විසින් ලිංගික හිරිහැර සහ බලහත්කාර, පාලන හැසිරීම් පිළිබඳව චෝදනා එල්ල වී මාස 17කට පසුව සිදු වෙනවා.
හෝර්නර් මෙම චෝදනා වලින් දෙවරක්ම නිදහස් කරනු ලැබ ඇත. පළමුව, නීතිඥයෙකු විසින් සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයකින් පසුවත්, දෙවනුව, පැමිණිලිකාරියගේ අභියාචනය ප්‍රතික්ෂේප කළ තවත් නීතිඥයෙකු විසින් හෝර්නර් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
බදාදා (ජූලි 09) ඉන්ස්ටග්‍රෑම් (Instagram) ඔස්සේ අදහස් දක්වමින් හෝර්නර් කියා සිටියේ, බර හදවතකින් සමුගැනීමට සිදුවූ බවත්, මෙම විශිෂ්ට කණ්ඩායමට නායකත්වය දීම ගෞරවයක් වූ බවත්ය. “මෙම ඇදහිය නොහැකි මෝටර් රථ ක්‍රීඩා යුගයේ කොටසක් වීමට ලැබීම ගෞරවයක්. අප ලබාගත් දේ ගැන සහ 2026 සඳහා සැලසුම් කර ඇති දේ ගැන විශාල ආඩම්බරයකින් මම ඉවත්ව යනවා,” ඔහු වැඩිදුරටත් පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



