ඉරානයෙන් එක්සත් රාජධානියට අනපේක්ෂිත තර්ජන: වාර්තාවක් අනතුරු අඟවයි

එක්සත් රාජධානියට ඉරානයෙන් අනපේක්ෂිත තර්ජනයකට මුහුණ දීමට සිදුවන බවත්, එයට මුහුණ දීම සඳහා රජය තවත් පියවර ගත යුතු බවත්, පාර්ලිමේන්තුවේ බුද්ධි හා ආරක්ෂක කමිටුව අනතුරු අඟවා තිබෙනවා. මෙම කැඳවීම සිදු කර ඇත්තේ, ඉරාන රාජ්‍ය ඝාතන සහ පැහැරගැනීම්, ඔත්තු බැලීම්, සයිබර් ප්‍රහාර සහ එහි න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව විමර්ශනය කළ ප්‍රධාන විමර්ශනයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

මෙම වාර්තාව 2023 අගෝස්තු දක්වා වූ සාක්ෂි ඇගයීමට ලක් කර ඇති බැවින්, එම වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් (Hamas) සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් හෝ ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් පසු උග්‍ර වූ බලපෑම තක්සේරු කර නැති බව සදහන් වේ.

කමිටු සභාපති ලෝඩ් බීම්ෂි (Lord Beamish) පවසා ඇත්තේ, “ඉරානය එක්සත් රාජධානියට, එක්සත් රාජධානියේ පුරවැසියන්ට සහ එක්සත් රාජධානියේ අවශ්‍යතාවලට පුළුල් පරාසයක, නොනැසී පවතින සහ අනපේක්ෂිත තර්ජනයක් එල්ල කරයි.” යනුවෙනි

එක්සත් රාජධානියේ ජීවත් වන පුද්ගලයන්ට එරෙහිව එල්ල වන භෞතික තර්ජන 2022 සිට වැඩි වී ඇති බව වාර්තාවෙන් හෙළි වූ අතර, විරුද්ධවාදීන් මෙන්ම “එක්සත් රාජධානියේ යුදෙව් සහ ඊශ්‍රායල අවශ්‍යතා” ද ඉලක්ක කර ගෙන ඇති බව වාර්තා වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top