තායිලන්තයේ හිටපු අගමැති තක්සින්ට රාජකීය අපහාස චෝදනා මත වසර 15ක සිර දඬුවමක්!

තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනාවත්‍රා (Thaksin Shinawatra) රාජකීය අපහාස චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. ඔහුගේ දියණිය වන පැටොංතාන් ෂිනාවත්‍රා (Paetongtarn Shinawatra) අගමැති ධුරයෙන් අත්හිටුවා සති කිහිපයකට පසු වාර්තා වන මෙම සිදුවීම, ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම වීමට හේතුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිලන්තයේ රාජකීය පවුලට අපහාස කිරීම් සහ විවේචනවලින් ආරක්ෂා කරන දැඩි නීති කඩ කිරීමේ චෝදනා තක්සින්ට එල්ල වී තිබේ. මෙම නඩුව මේ මස මුලදී බැංකොක් අගනුවරදී ආරම්භ වූ අතර, එය වසා දැමුණු අධිකරණයක් තුළ පැවැත්වේ. විත්තිකාර පාර්ශ්වය අවම වශයෙන් දින තුනක්වත් සාක්ෂි ලබා දීමට නියමිත බව වාර්තා වේ.


නඩු කටයුතු පදනම් වී ඇත්තේ දශකයකට පමණ පෙර තක්සින් දකුණු කොරියානු මාධ්‍ය වෙත කළ ප්‍රකාශ කිහිපයක් මතයි.
පියාට සහ දියණියට බලපෑම් කළ මෑත සිදුවීම්, බලගතු ෂිනාවත්‍රා දේශපාලන රාජවංශයට බරපතල පහරක් එල්ල කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top