පොගාකාර් 12 වැනි අදියර ජයගනිමින් සමස්ත තරගාවලියේ පෙරමුණට

ටඩේජ් පොගාකාර් (Tadej Pogacar) ප්‍රංශ පාපැදි සවාරියේ 12 වැනි අදියර ජයග්‍රහණය කරමින්, අභියෝගාත්මක හවුටාකෑම් (Hautacam) කඳු සහිත මර්ගය සාර්ථකව අවසන් කරමින් යළිත් කහ පැහැති ජර්සියට හිමිකම් කීවේය.

පෙර දින සිදුවූ අනතුරකින් අතේ වෙළුම් පටි තිබුණද, පොගාකාර් අවසන් කිලෝමීටර 13.5ක කඳු නැගීමේදී ඉදිරියට ඇදෙමින් ප්‍රතිවාදී ජෝනාස් වින්ගෙගාඩ් (Jonas Vingegaard) ට වඩා මිනිත්තු දෙකකට වැඩි කාලයකින් ඉදිරියෙන් තරගය අවසන් කරමින් ශක්තිමත් බවක් පෙන්නුම් කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ තුන් වතාවක්ම ජයග්‍රාහකයා වූ පොගාකාර් දැන් සමස්ත ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටින අතර, වින්ගෙගාඩ් මිනිත්තු 3 තත්පර 31කින් පසුපසට ඇද වැටී ඇත.

මෙවර, ටිම් වෙලන්ස් (Tim Wellens), ජොනාතන් නාර්වේස් (Jhonatan Narvaez) සහ ඇඩම් යේට්ස් (Adam Yates) ඇතුළු ඔහුගේ UAE එමිරේට්ස් (UAE Emirates) කණ්ඩායමේ සහාය ඇතිව ආධිපත්‍යය දැරීමට පොගාකාර්ට හැකි විය.

මෙම තරගාවලියේ තමා ලැබූ තෙවැනි අදියර ජයග්‍රහණය අනතුරකින් මියගිය 19 හැවිරිදි ඉතාලි පාපැදි ක්‍රීඩකයෙකු වූ සැමුවෙල් ප්‍රිවිටේරා (Samuele Privitera) වෙනුවෙන් පොගාකාර් ප්‍රධානය කලේය.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top